සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ හි රැඳෙන්නේ
Sanda Pana Wage Dilenne
  • Lenght : 04:32

  • Song

    සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ හි රැඳෙන්නේ ගී පද / Sanda Pana Wage Dilenne Lyrics

    සඳපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේ හී රැඳෙන්නේ
    නිල් විල් ජලශේ හංසිය විලාසේ
    මා හද විලේ සැරි සරන්නේ... /
     
    මල් මාවතේ සැරිසරාලා 
    නැළවුණු ලඳේ තුරුළු වීලා
    සමනල්ලු කෝ අද ගිහිල්ලා 
    මල් ගොමුවේ නෑ මල් පිපීලා
    ඔබ නේන මේ බිම් තලාවේ 
    පාළුව හඬයි රෑ දවාලේ
    කවදාක හෝ යළි සිනාසේ ආයේ 
    ආවා කියා පෙම්බරා වී
    හද වේදනාවන් නිවේවී....
     
    සඳපාන වාගේ දිලෙන්නේ.... 
     
    නිල්වන් ගැබේ හී පියඹා 
    එන්නම් ප්‍රියේ ඔබ සොයාලා
    සිඳලන්න මේ කඳුළු ගංගා 
    හද වේදනා මදිද වින්දා
    යළි මාවතේ මල් පිපීලා 
    සමනල්ලු රෑනේ පිරීලා
    ඔබ මා ලඟින් ඉන්නවා නම් ආයේ 
    මල් මී වසන්තේ උදාවී
     
    හද වේදනාවන් නිවේවී....
    සඳපාන වාගේ දිලෙන්නේ....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS