සඳ කුමාරියක් දීගෙක යනවා
Sanda Kumariyak Deegeka Yanawa
  • Lenght : 03:24

  • Song

    සඳ කුමාරියක් දීගෙක යනවා ගී පද / Sanda Kumariyak Deegeka Yanawa Lyrics

    සඳ කුමාරියක් දීගෙක යනවා
    රබන් සුරල් හඬ රැව් දෙනවා
    තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
    මා තනි වී දෑස තෙමෙනවා..//
     
    පැලේ ඉඳන් රෑ පුරා නිදි නොලබා සීතලේ
    ආදරයට පෙරුම් පිරූවේ
    සඳ එලියේ රුව පෙනේ
    සිත පිබිදී මල් පිපී
    ඒ සිහිනේ බොඳ වෙලා
     
    සඳ කුමාරියක් දීගෙක යනවා
    රබන් සුරල් හඬ රැව් දෙනවා
    තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
    මා තනි වී දෑස තෙමෙනවා
     
    පැලේ පහන දැල් නොවේ මාසෙ පෝය දා වගේ
    ගම්මානෙම මට එරෙහි වෙලා
    මං තනියේ කළුවරේ වේදනාව තුරුල්ලේ
    මා ගයනා ගීතයයි
     
    සඳ කුමාරියක් දීගෙක යනවා
    රබන් සුරල් හඬ රැව් දෙනවා
    තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
    මා තනි වී දෑස තෙමෙනවා..//
     
    මා තනි වී දෑස තෙමෙනවා
    මා තනි වී දෑස තෙමෙනවා
    මා තනි වී දෑස තෙමෙනවා
    මා තනි වී දෑස තෙමෙනවා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS