සඳ එලිය ගලයි
Sanda Eliya Galai

Song

සඳ එලිය ගලයි ගී පද / Sanda Eliya Galai Lyrics

සඳ එළිය ගලයි සයුර දිගේ ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ සිතිජ ඉමේ හිතට දුක දැනේ
මඳ පවන නිසල වී රළ පෙළට තුරුළු වී
වැහි ළිහිණි රෑන් පමණි මගේ දුකට හඬන්නේ....
 
ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුළු සිරුර ගිනි ගනී
රළ නඟන අඳෝනා හද රිදෙන වේදනා
පාළු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ....
 
දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොළඟම නැඟි නැඟී
දුර ඇදෙන ඔරු බඳේ පිනි කඳුළු බිඳු රැඳේ
මාගෙ හදවතේ දුක ඔබ පමණි නිවන්නේ....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS