සමාවෙලා.. හදාගන්න මට මගේ හිත ගී පද / Sama Wela Hadaganna Mata Mage Hitha Lyrics
සමාවෙලා හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න
කිළුටක් නෑ මගේ හදවතේ සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න
ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුණා මට නොදැනීම
ආදරයක් නොලැබුණ දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි වුණා කසාවත මට
කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයක හැඟුමෙන් නෑ හදවත කොණක
ගෙවාගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න