රොන් පොදක් වෙන්නම්.. හිනැහෙන මල් මිටක් මැද්දේ
Ron Podak Wennam
  • Category : Music Video
  • Lenght : 03:16

  • Song

    රොන් පොදක් වෙන්නම්.. හිනැහෙන මල් මිටක් මැද්දේ ගී පද / Ron Podak Wennam Lyrics

    රොන් පොදක් වෙන්නම්
    හිනැහෙන මල් මිටක් මැද්දේ
    රන් පතක් වෙන්නම්
    දිදුලන විල් තෙරක් මැද්දේ
    නිම්නයක් වෙන්නම්
    සුව දෙන කඳු පෙළක් මැද්දේ
    පෙම්වතෙක් වෙන්නම්
    සනසන නිල් දෙනෙත් මැද්දේ //
     
    කන් කළුයි ඔබෙ සිනා
    සිත් පිනයි ඔබෙ කතා
    මේ නිමාව දුන්නේ
    කාගේ කවුරුදෝ
    නෙත් වශී කරයි ඔයා
    පෙම් ලොවක් මවයි මනා
    සත්තකින්ම දෙව් දුවක්ද සැංගෙනා
     
    රොන් පොදක් වෙන්නම්...
     
    සාගරේ කළඹා
    මුතු ඇට මාලයක් තනනා
    පාවෙලා යමිනා
    තරුකැට පේළියක් ගෙනෙනා
    සැනසෙනා ලෙසිනා
    සඳ මත මල් උයන් මවනා
    යම් දිනක් මැවෙනා
    ඔබ මට ආදරෙයි කියනා
     
    රොන් පොදක් වෙන්නම්... //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS