රගමඩල තාම තරුණයි
Rangamadala Thama Tharunai
  • Category : Music Video
  • Year : 2023

  • Song

    රගමඩල තාම තරුණයි ගී පද / Rangamadala Thama Tharunai Lyrics

    කප්පරක් පෙම් කළත් දැණෙන්නේ නෑ නේද?
    හිරිවැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද?
    මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද?
    රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද?
     
    පෙම් කළා කිව්වාට පෙම් කළා වෙනවාද?
    තරු එළියෙ පිපුණු මල් හද  එළියෙන් මැරුණාද?
    ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද?
    වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද  දන්නවද?
     
    මගෙ වගෙම ඔය හිතේ තාම මං ඉන්නවද?
    ඊයෙ රෑ වගෙ හෙටත් ඔහුගෙ නම මුමුණයිද?
    නා දලු වතුරෙන් තෙමුණ කෝල ඒ රැය මගෙද?
    මගෙ රූබර නිළියේ ආදරේ රැගුමක්ද?
     
    මගෙ ගතම ඔබෙ නමට ලීවත් තව මදි නේද?
    රෑ දකින හීන ගැන දිවුරන්නට පුලුවන්ද?
    නොකියම ඉන්නම් ප්‍රේමේ මෙතරම් සිල්ලරද?
     
    රගමඩල තාම තරුණයි යන්නට අවසරද????

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS