රෑ මැදියම ගී පද / Ra Madiyama Lyrics
රෑ මැදියම අවදි වෙලා මසිත හොරෙන් පියඹාලා
සුව නින්දේ ඔබ සැතපුනු සොහොන් කොතේ නැවතිලා
ඔබේ නිවුණ වත සිඹලා නෙත් වැළපේ කඳුළු සලා
පිපිලා සුදු අරලිය මල් සොහොන් බිමේ ඔබේ රුවින්
මා ලඟ හිනැහෙනවා
ඔබේ සුවඳ හමා ඇවිත් අතීතයේ හමුවුණ දින
යලි අප හමු වෙනවා - යලි අප හමු වෙනවා
රෑ මැදියම අවදි වෙලා
පවසා මුදු සෙනේ වදන් හෙමින් සැරේ නෙත් ඇරලා
ඔබ මා අමතනවා
නෙතේ කඳුළු ගලා ඇවිත් අතීතයේ නටඹුන් මැද
සිත මා වැළපෙනවා - සිත මා වැළපෙනවා