ප්‍රේමය නම් රාගයෙන් තොර
Premaya Nam Ragayen Thora
  • Lenght : 03:35

  • Song

    ප්‍රේමය නම් රාගයෙන් තොර ගී පද / Premaya Nam Ragayen Thora Lyrics

    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එලිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයි..//
     
    ප්‍රභාවත් වූ වත මඬල ඇත
    තවුස් දැහැනක නිශ්චලත්වය
    නයන යුග්මේ රැඳී ඇත්තේ
    භාවනාවක කාන්තියයි
     
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එලිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයි
     
    දොඩන වදනින් ඇසෙයි නිරතුරු
    වනන්තරයක සකුණ මියැසිය
    දෙතොල් අතරින් ගලා එන්නේ
    ගීතිකාවක ශාන්තියයි
     
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එලිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයි..//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS