පෙම් පවස නිවන්නද
Pem Pawasa Niwannada

Song

පෙම් පවස නිවන්නද ගී පද / Pem Pawasa Niwannada Lyrics

 පෙම් පවස නිවන්නද පුන්කළස සදන්නේ
නෑ සියන් පිළිගන්න මල් තොරණ බඳින්නේ
ජය මඟුල් ගී හඬක් දෙසවනට ඇසෙද්දී 
නොමළ සෙනෙහසයි මා සිතේ පොර බදන්නේ..
 
ආදරේ හය හතර නොදන්නා කාලයේ
කියාදුන් පාඩමේ මුල් අකුරු බොඳ වෙලා
පහන්දොර කවුළුවෙන් මින් පසුව එබෙන්නේ
අප එදා දුටුව ඒ මුදු ළහිරු කැන් නොවේ..
 
ඔබට හිමි නොවුන පෙම වෙනෙකෙකුට පුදන්නයි
එලූ පාවඩ මතින් මල් මගට පිවිසුනේ
මැදියමේ ජීවිතේ පවුරු බිඳෙනා වෙලේ
දුක හිතෙන ගීතයක් ඇසේවා හද රැයේ..

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS