පණට නමක්
Panata Namak
  • Category : Music Video

  • Song

    පණට නමක් ගී පද / Panata Namak Lyrics

    තේරෙනා දවසක මේ ආදරේ ගැන
    දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
    පාරනා මතකය මුළු ජීවිතේටම
    නැවතුනත් මා ළඟ අපෙගේ නොවේ අප
    හිමි වුනත් - මට නැතත් 
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ
     
    පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
    පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම් 
     
    යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
    නොවේ කවදාකවත් බාදා මගෙන්
    මොනව ලැබගන්ද මං නවතා බලෙන්
    පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්
    හිමි වුනත් - මට නැතත් 
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ
     
    සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන්
    කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්
    ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
    අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
    හිමි වුනත් - මට නැතත් 
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS