නුඹ හා
Numba Ha
  • Category : Lyrics Video

  • Song

    නුඹ හා ගී පද / Numba Ha Lyrics

    මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
    නිතරම හිතවතියේ
    නුඹ මගෙ ලඟ උන් හැටි
    සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
     
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
     
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
     
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
     
     
    සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
    සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
     
    නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
    මගෙ අඳුරට නුඹ සඳ වේවී
    නුඹ වෙත මගෙ රහස ඇසේවී
    සඳ අද මගෙ අහසෙ දිලේවී
     
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
     
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
     
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS