නිවන මසිත නිවන දකින
Niwana masitha
  • Category : Music Video

  • Song

    නිවන මසිත නිවන දකින ගී පද / Niwana masitha Lyrics

    නිවන මසිත නිවන දකින 
    නුවන අවදිවන අලුයම
    නවම ලොවක තතු පැවසෙන 
    දිනක් උදාවෙයි......
     
    රනින් කිරණ රන් කැලුමින් පිරි කඳුරැල්ලේ 
    අලුත් ඉරක් පායනවා නව අරුණැල්ලේ.......
     
    ගජබා, මහසෙන්, ගැමුණු රණවිරු කැල මැවූ අතීතේ 
    මට කුමටද, මම උපදිමි අදින් පසුව නැවුම් ප්‍රභාතේ..... 
    ජන රජ රණ කිරුළු පැළැඳ ජන හිත නිදහසින් පිබිද 
    රටක් දැයක් කියා දෙයක් ඇති බව හඟිනා මොහොතේ
     
    ගරා වැටුණු නටබුන් මැද ගොඩනංවන අලුත් නගරයේ 
    දහසක් සිතිවිලි පිළිසිඳි මගේ මනස නමැති පුරවරේ.... 
    හෙළ දද කුඹු ගස මුදුනට ඉහළමි නිදහසින් පිබිද 
    මටත් රටක් කියා දෙයක් ඇති බව සිතනා මොහොතේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS