මුතුලතා සිනහා පොකුරු පා
Muthulatha Sinaha Pokuru Pa

Song

මුතුලතා සිනහා පොකුරු පා ගී පද / Muthulatha Sinaha Pokuru Pa Lyrics

මුතුලතා සිනහා පොකුරු පා
මුතු මැණිකේ බලනු එපා
නෙත පැටලී සිත මා අසරණ වෙලා
 
මම ලදේ කෙලෙසද කියන්නේ
ආල හැගුම් මුව ගොළුවී
හිත පැටලී අද මා අසරණ වෙලා
 
ගෙලේ තොරොම්බොල් මාලේ පලදා
ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා
පාලොස්වක පෝදා හද ගමට වඩින ලීලෙන්
දෙවැටේ නුඹ එන්නා
 
මුතුලතා සිනහා පොකුරු පා
මුතු මැණිකේ බලනු එපා
නෙත පැටලී සිත මා අසරණ වෙලා
 
තුන්තිස් පැය රෑ නිදිනම් නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඩුවා
මුතු බිදු මුතු මැණිකේ නුඹ කරකාරෙට ගන්ටා
පූරුවෙ පිං නැතුවා
 
මුතුලතා සිනහා පොකුරු පා
මුතු මැණිකේ බලනු එපා
නෙත පැටලී සිත මා අසරණ වෙලා

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS