මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
Minindoru Kanthoruwe Muladani Tika
  • Lenght : 03:24

  • Lyrics

    Rathna
    Sri
    Song

    මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික ගී පද / Minindoru Kanthoruwe Muladani Tika Lyrics

    මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
    සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
    ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන
    තරහ අවසරයි යනවද දංවැල් අරගෙන
     
    පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
    හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන
    රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
    රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
     
    මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...
     
    දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
    තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල
    වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට
    වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට
     
    මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS