මතකයට ආවේ
Mathakayata Awe

Song

මතකයට ආවේ ගී පද / Mathakayata Awe Lyrics

මතකයට ආවේ දුක් වේදනා
නෙතු කඳුලු යාවී හිත පෑරුනා
දුටු හීන ගානේ රුව වෑහුණා
හිත තවම පෑරේ යලි සිහිවෙලා
 
සගවන්න බෑනේ හදේ විලාපේ
හදවත පුරාවේ දැනේ මනා සේ
කඳුලින් ම නැහැවේ මැවූ අතීතේ
මතකය රිදීමයි අපේ කතාවේ
 
දින සති ගෙවීලා රිදුම් ගෙනාවේ
මතකය මැවීලා සුසුම් ගලායේ
සුසුමන්ම වෑහී හැඟුම් මුලාවේ
මතකය රිදීමයි අපේ කතාවේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS