මල් මල් හීනය සීතල උදයේ
Mal Mal Heenaya

Song

මල් මල් හීනය සීතල උදයේ ගී පද / Mal Mal Heenaya Lyrics

මල් මල් හීනය
මල් මල් හීනය හීතල උදයේ
පැල්පත් මීදුම මැද රැඳිලා
නිල්වන් අහසේ පින්බර යුගයක
රන්වන් රන්වන් හිරු නැඟිලා ...//
 
සමනල කන්දේ කරුණා ඇල්ලෙන්
තුන් සිංහලයේ වැව් පිරිලා
මුනි තුන් සරණේ ආසිරි වැස්සෙන්
සිතුවිලි කතරේ මල් පිපිලා
 
මහ සාගරයේ මේ පොඩි දිවයින
මී අඹ ගෙඩියකි අවාරයේ
ඒ අඹ ගෙඩියේ මී මැස්සන් අපි
නිබඳව හිනැහෙන දිවා රැයේ
 
දෙදහස් පන්සිය වසරක් දුර සිට
සිල් ගුණ වැගිරේ නිරන්තරේ
මංගල සමයක තොරතුරු ලියැවේ
සිංහල වංශයෙ කතන්දරේ
 
මල් මල් හීනය හීතල උදයේ
පැල්පත් මීදුම මැද රැඳිලා
නිල්වන් අහසේ පින්බර යුගයක
රන්වන් රන්වන් හිරු නැඟිලා ...//
රන්වන් රන්වන් හිරු නැඟිලා ///

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS