මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
Mage Sihinaya Mata Dakinna

Song

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න ගී පද / Mage Sihinaya Mata Dakinna Lyrics

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න...
 
සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලි සැදී නගත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දළ යහන් නිබඳ සෑදේ...
 
ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ
ලඹ තුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳ පානේ...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS