HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මගෙ කුඹුරේ ඉනි වැට බිදිලා - ලපටි ගොයම් පැල කාදමලා රැක සිටියෙමි වෙහෙසක් නොබලා - අල්ලාගෙන ආවෙමි බැදලා කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා කාගෙද මේ හොර වසු පැටියා - සොයා කෙනෙක් එන තුරු සිටියා මගේ අලාබය මේ සැටියා - අය කරගෙන දෙමි හොර කොටියා කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා සවස් වෙලා අපෙ ගේ පැත්තේ - කව්ද බොලේ එනවා දැක්කේ වැටේ කඩුල්ලේ අර පැත්තේ - හදුනන මුහුනකි මම දැක්කේ කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා මොකද ලදේ මේ අරුමැක්කේ - කලකින් ඔබෙ ලස්සන දැක්කේ අප ගැන ඇයි සැලකුම් නැත්තේ - මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා සිරිමල් අයියට පැණි වරකා - ගෙන ආවෙමි ගෙදරින් පොරකා සිරිමල් අයියේ මට සලකා - දෙනවද මට මගෙ කලුහරකා දුන්නට පැණි වරකා - දෙන්නම් කලුහරකා මා ගැන තව සලකා - දෙනවද බහ මැණිකා මට දෙනවද බහ මැණිකා මට දෙනවද බහ මැණිකා මට දෙනවද බහ මැණිකා මට දෙනවද බහ මැණිකා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS