මගෙ හිත පිරී තිබෙන්නේ.. ඔබ ගැන සිතිවිල්ලෙන්
Mage Hitha Piree Thibenne..Oba Gena Sithiwillen
  • Lenght : 03:19

  • Song

    මගෙ හිත පිරී තිබෙන්නේ.. ඔබ ගැන සිතිවිල්ලෙන් ගී පද / Mage Hitha Piree Thibenne..Oba Gena Sithiwillen Lyrics

    මගෙ හිත පිරී තිබෙන්නේ
    ඔබ ගැන සිතිවිල්ලෙන්
    වෙන කිසිවෙකු ගැන හිතන්න
    ‍හදවතට ඉඩක් නැහැනේ
     
    මගෙ නෙත රැඳී තිබෙන්නේ
    ඔබගේ සඳ මුහුණයි
    වෙන කිසිවකු හෝ දකින්න
    ‍දෙනුවනට ඉඩක් නැහැනේ
     
    අප ළං කරවා 
    කාලය පියඹා
    ආලය ගැන විමසයි
    කවුරුන් වේවා 
    හමු වූ මොහොතේ
    මට ඔබ ගැන පවසයි
     
    මගෙ හිත පිරී තිබෙන්නේ.....
     
    මගෙ නෙත රැඳී තිබෙන්නේ.....
     
    කඳුළැල් මැදුරේ 
    හසරැල් නැවතී
    සෙනෙහස ගැන පවසයි
    පීදෙන පියුමන් 
    දළුලන තුරු වැල්
    මට ඔබ ගැන පවසයි
     
    [වසන්තය කියන්නේ ඔබටයි මටයි] ///

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS