මගේ අතින් මා
Mage Athin Ma

Song

මගේ අතින් මා ගී පද / Mage Athin Ma Lyrics

මගේ අතින් මා ඇවිළූ පහනේ 
එළියෙන් ලොව දකිමින්  
මගේ පහන් වැට නිවන්නෙපා 
මා අඳුරේ හෙළමින්......
 
යන මග ගිමනට සෙවණ සැදීමයි 
මා කළ මහ පින්කම් 
අතු ඉති බිඳ ගල් මුල් බැට දීමයි 
ඔබැ කළගුණ සැලකුම්......  
 
පවසට හදවිල දිය දන් දීමයි 
පෙර දින මා කළකම්
පවස නිවාගෙන විලට නිගා දී 
කුමටද මේ සරදම්...... 

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS