මා සඳට කැමති බව දැනගෙන
Ma Sandata Kamathi Bawa

Song

මා සඳට කැමති බව දැනගෙන ගී පද / Ma Sandata Kamathi Bawa Lyrics

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්
 
නොඉඳුල් තොල්පෙති අතරින්
උදුරා ගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව
 
එක්ටැම්ගෙයි සිරගත කර
සමනළියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව
 
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS