මා සඳට කැමති බව දැනගෙන
Ma Sandata Kamathi Bawa Danagena
  • Lenght : 03:32

  • Song

    මා සඳට කැමති බව දැනගෙන ගී පද / Ma Sandata Kamathi Bawa Danagena Lyrics

    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කළා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කළා නටුවෙන්
     
    නොඉඳුල් තොල්පෙති අතරින්
    උදුරා ගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳුළැලි ගෙනාව
     
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කළා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කළා නටුවෙන්
     
    එක්ටැම්ගෙයි සිරගත කර
    සමනළියක අනාථ
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව
     
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කළා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කළා නටුවෙන්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS