මා ගාවින්
Ma Gavin
  • Category : Music Video
  • Year : 2020

  • Song

    මා ගාවින් ගී පද / Ma Gavin Lyrics

    මගේ කියා මේ ලෝකේ
    දිනු දෙයක් නැති කාලේ
    මගේ ලඟින් නැවති මේ
    සුසුම් නිවා සංසාරේ
    දිනා දිදි සංතෝෂේ
    නිම කලා සංතාපේ
    මා ගාවින්... නතර වෙලා
     
    මගේ කියා මගේ ලෝකේ
    දෙයක් නැතේ නුඹ වාගේ
    මගේ සිනා මා පැතුවේ
    නුඹේ සිනාවෙන් සුහදේ
    මෙතෙක් දුරක් ආ ගමනේ
    ගිමන් නැතේ මට දැනුනේ
    මා ගාවින්... ඉන්න ඔයා
     
    සැඩ කුණාටු මැද රළු දියඹේ 
    රුවල් නොබිඳී මහ සයුරේ
    රළ පෙරළී මැදින් ආ ගමනේ
    දිනුම ඈතක නොවේ..
     
    හුස්මක් ගානේ දැවටි ඉන්නයි නුඹ ලඟ මා කැමතී ...
    මා ලඟ ඉන්නා හැම මොහොතේම ඔය හිත මා නිවමී ...
    දෑත අල්ලන් සදා - ඈත යං පියඹලා...
    හිමි වුනත් ජීවිතේ වේදනා...
     
    මා ගාවින් නතර වෙලා
    මා ගාවින් ඉන්න ඔයා //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS