ලන්තෑරුම්
Lantharum
  • Category : Music Video
  • Year : 2023

  • Song

    ලන්තෑරුම් ගී පද / Lantharum Lyrics

    මත් වුනා වැව් තාවුල්ලේ
    කෝ මගේ හිත මන්දාරමේ
    යාබද වුනු හිර කාමරේ
    කෝ කාටද කතා කරේ
    කෝ මට දුන් හිර කාමරේ
     
    උඹ තරහද තාමත් යාපනේ
    ආදරේ හෙව්වේ මේ ස්මාරකේ
    පරවී යයි මේ මල් ආසනේ
     
    ලන්තෑරුම්
    ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
    ලන්තෑරුම්
    ලන්තෑරුම් අරන් සංසාරේ අපේ //
     
    දිය මත පාවූ
    කරදර
    අද නොදැනීම මං
    මගේ කර මත වේ
    අද දින කවුරුත් එන්නෙ පයින්
    ගෙනත් දුන්නා
    අව්වේ පෝලිං වෙන්න බලං
    ඉද්දී එලිවුනා රෑ
    මට ඉන්න වෙයි
    කැරකෙන්නේ ටර්බෝබයින්
    ලේබලේ විසිතුරු මගේ මොලයයි
    Oh I’m gonna slide
    දැන් බෙහෙත් බොන කාලේ
     
     
    ඉතින් මං සුදුමැලි වේගෙන යයි
    හදවතින් ඩ්‍රොප් උන මිනිස්සුන්ට
    සුදුපාට දුන්නා කරුමෙට
    උනේ ඕවර්ලැප්
     
    අද සීතල තැන් මිහිරී
    හිත දිනපු ඇස් ඉතිරී
     
    ලන්තෑරුම්
    ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
    ලන්තෑරුම්
    ලන්තෑරුම් අරන් සංසාරේ අපේ //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS