කඳුළු මහ වැසි
Kandulu Maha Wasi

Song

කඳුළු මහ වැසි ගී පද / Kandulu Maha Wasi Lyrics

කඳුළු මහ  වැසි වසින අඳුරේ  ඔබ ලඟින් ඉන්නම් 
මගේ දෝතින් දෙනෙත පිසදා කඳුළු සඟවන්නම්
 
හද ගිලන් වී.....
හද ගිලන් වී රිදුම් දෙන විට ඔබට අමතන්නම් 
මගේ මිහිරිම ගීය ඔබගේ සවන රඳවන්නම් 
කඳුළු සඟවන්නම්.  
 
ඔබේ සුසුමේ.....
ඔබේ සුසුමේ සුවඳ විඳිමින් අසල ගැවසෙන්නම් 
පියෙන් පිය මේ දිගු ගමන්  මග ඔබ සමග එන්නම් 
කඳුළු සඟවන්නම් . 
 
කඳුළු මහ  වැසි වසින අඳුරේ  ඔබ ලඟින් ඉන්නම් 
මගේ මිහිරිම ගීය ඔබගේ සවන රඳවන්නම් 
පියෙන් පිය මේ දිගු ගමන්  මග ඔබ සමග එන්නම් 
කඳුළු සඟවන්නම් . 

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS