කණ කැස්බෑ නෙත බලා හිඳිනවා
Kana kasbe netha

Song

කණ කැස්බෑ නෙත බලා හිඳිනවා ගී පද / Kana kasbe netha Lyrics

කණ කැස්බෑ නෙත බලා හිඳිනවා
අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලූ දා
සඳ නැත අහසේ අමාවකයි
 
පියන් වසාලා අගුළු දමා තිබු
දිවි මැදුරේ කවුළුවක් ඇරී
සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු
බලා උනිමි එය තවත් නැතී
 
තනිකම ඝනඳුර නොනිමෙන කෙඳුරුම
යළි රජයන්නට වරම් ලැබී
සුපුරුදු උරුමයෙ සුළඟ වැදී යළි
කවුළුව වැසුණා අගුළු වැටී

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS