කාලි
Kaali
  • Category : Music Video

  • Song

    කාලි ගී පද / Kaali Lyrics

    ප්‍රාණ සම පෙම ද්‍රෝහි වූ දා ආත්මය විය කඨෝර
    සිහින් කෙඳිරිලි කෝල හසරැලි දවයි මා හද කුටීර
    ඇනුම් හී වර්ෂා මැදින් ළය දෙපළු කෙරුවා කෙඨේර
    වෛරයත් පිරුණාම වැඩියෙන් ගලන්යනවා පිටාර
     
    ඵල තියෙන ගස් වටිනවාමයි සැකක් නෑ එය ඇත්තයි
    වඳබැහැපු මං කොහොඹ ගානයි කදුරු වාගේ තිත්තයි
    බුදු පුදට වුව වරම් ලද්දේ මලින් සැරසුනු ඉත්තයි
    මගේ හිමි ට මං පණ ඇරලා පෙම් කළා සමිදුනි සත්තයි
     
    සත් කඩක් සේ පැළුනු හෘදය කොහොම හරි මම මහන්නම්
    කෝන්තර වල කැළැල් නුඹ ගේ දෙපා මුලදිම වහන්නම්
    සසර දුරවූවාට කම් නෑ යශෝදරා මුණ ගැහෙන්නම්
    ඈව තනිකර සමිඳු ගිය දුක දරාගත් හැටි අහන්නම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS