හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
Hiru Hinahena Gana Nilwan Ahase
  • Teledrama : Rekha
  • Year : 1983
  • Category : Tele Drama
  • Lenght : 03:16

  • Song

    හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ ගී පද / Hiru Hinahena Gana Nilwan Ahase Lyrics

    හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
    පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
    පහන ඔබය ඔබමය මා පැතුමද
    හිරු නොව සැඩ කිරනින් මා වෙහෙසන
     
    හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
    පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
    පහන ඔබය ඔබමය මා පැතුමද
    හිරු නොව සැඩ කිරනින් මා වෙහෙසන
     
    සඳ දිදුලන පුර පෝදා අහසේ
    තරුවකි මා සඳ එළියෙහි නොපෙනෙන
    තරුව ඔබය ඔබමය මා පැතුමද
    සඳ නොව කල එළියෙන් දුර බබලන
     
    හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
    පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
    පහන ඔබය ඔබමය මා පැතුමද
    හිරු නොව සැඩ කිරනින් මා වෙහෙසන
     
    උඩ වැඩියා සුපිපෙන වන උයනනේ
    කුසුමකි මා තණ බිම මත සැඟවුණ
    කුසුම ඔබය ඔබමය මා පැතුමද
    උඩවැඩියා මල ලොව නෙත පිනවන
     
    හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
    පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
    පහන ඔබය ඔබමය මා පැතුමද
    හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන
     
    හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
    පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
    පහන ඔබය ඔබමය මා පැතුමද
    හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS