හිරු බිහිරී සද ගොලුයි ගී පද / Hiru bihiri sanda golui Lyrics
හිරු බිහිරියි සඳ ගොළුයි තාරකා අන්ධයි...
බිය නොවන් මුළාවී...
හිරු බිහිරියි සඳ ගොළුයි තාරකා අන්ධයි...
බලා සිටින්නට අද දින අප දෙස
කන් දෙන්නට කවුදෝ ඉන්නේ
තුරු ලතා මුවාවේ ගයන්න...
හිරු බිහිරියි සඳ ගොළුයි තාරකා අන්ධයි...
අකාරුණික වූ ලොව අමතක කර
දෑසින් සෙනෙහස උතුරා යයි…
ලිය යහන් තළාවේ නිදන්න...
හිරු බිහිරියි සඳ ගොළුයි තාරකා අන්ධයි…