හත්වළල්ල කන්ද කපා ගංකරයෙන් පාවෙලා
Hatha walalla

Song

හත්වළල්ල කන්ද කපා ගංකරයෙන් පාවෙලා ගී පද / Hatha walalla Lyrics

හත්වළල්ල කන්ද කපා 
ගංකරයෙන් පාවෙලා 
දියකඩ පීරා..... 
නගාකෙල්ල ඉන්න පැලට 
තෑගි අරන් මං එනවා
 
දොලදෙනියේ වැව් බැම්මේ 
හිඹුටු කැලෙන් නඟේ නුඹට 
හිඹුටු කඩන් මං එනවා
ඉවසිලි නෑ නුඹ දකින්න
අනේ එපා ඔච්චම් කර 
බක් මී මල් හිනාවෙන්න
 
තුරු වදුලේ කිරල රොදේ 
යොදුන් ගණන් ඈතට යමු
ගං ඉවුරේ උණ පදුරේ 
හීල් හෙවනෙ කතා කරමු
වාසනාව අග හිඟ නෑ 
නගා කෙල්ල ඉන්න පැලට

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS