හඳ පානක් සේ ඇවිදින්
Handapanak Se

Song

හඳ පානක් සේ ඇවිදින් ගී පද / Handapanak Se Lyrics

හඳ පානක් සේ ඇවිදින්  ගම්මානෙන් මේ නගරෙට                                       
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වුයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට
 
 
දුවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බැ - මේ නගරය අත්හරින්න බෑ
මගේ උරුමය ලදුවත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කුඩුවෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ
 
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහා නගරේ
අතහැර නුබට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන්  නුබ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාලු වෙන්නේ නෑ - මන් තනියම ගමට යන්නේ නෑ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS