හඳපානේ මල් පිපුණා
Handapaane Mal pipuna
  • Film : Hithata Hitha
  • Year : 1965
  • Category : Film Song

  • Song

    හඳපානේ මල් පිපුණා ගී පද / Handapaane Mal pipuna Lyrics

    හඳපානේ මල් පිපුණා
    කිරි මුහුදේ රැල් නැඟුණා
    අප දෙන්නා ඒ වගේ
    බැඳුණෙ ආදරේ
    බැඳුණෙ ආදරේ....
     
    ජීවනයේ මීවදයේ
    පැණි පිරුණා ආදරේ...
    ඒ පැණි බොන බඹරි මමයි
    ප්‍රේම මී වදේ...
    ජීව මිහිර දේ...
     
    ඔබගේ සෙවණැල්ල ලෙසේ
    එන්නෙමි සැමදා ම මෙසේ..
    මේ දෛවේ තීරණේ....
    මතු අනාගතේ...
    මතු අනාගතේ...
     
    සීන සැබෑ වන්න මෙසේ
    පෙරුම් පුරා ආවෙදෝ..
    මා උපන්නේ ප්‍රේම ලොවේ...
    ඔබ පතා ප්‍රියේ..
    ඔබ නිසා ප්‍රියේ.....
     
    සඳපානේ මල් පිපුණා
    කිරි මුහුදේ රැල් නැඟුණා
    අප දෙන්නා ඒ වගේ
    බැඳුණෙ ආදරේ
    බැඳුණෙ ආදරේ....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS