හදවතේ නුඹ තබා
Hadawathe Numba Thaba
  • Year : 2023

  • Song

    හදවතේ නුඹ තබා ගී පද / Hadawathe Numba Thaba Lyrics

    හිතේ අහුමුළු පුරා  තනියට 
    නුඹේ සෙනෙහස නොවෙද ඇත්තේ
    බැඳෙන විසිරෙන බිඳෙන බැමි ලඟ 
    මතකයේ නෑගම්  තනන්නේ
     
    සසර ගමනක අහඹු හමුවක
    දෑවටිලා  ඇහි පිල්ලමේ
    රිදෙන රිදවන හැඟුම් පොදි බැඳ 
    දුන්නූ නූඹෙ ඒ  ආදරේ
     
    නුරා  හැඟුමින් හිරි වැටෙන ගත
    හීන කැන්දන ඉසඹුවේ 
    සිතක සිතුවිලි කෙලෙස නවතනු
    සෙනෙහෙ ගං දියවර දිගේ
     
    පැතුම් අහුරක බැඳුණු සෙනෙහස
    සුසුම් සිරකළ  සිහිනයේ 
    මතක මං පෙත ඇවිදගෙන යම් 
    හදවතේ නුඹ තබා රහසේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS