ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ
Game Kopi Kade Denna Depaththe
  • Lenght : 02:48

  • Song

    ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ ගී පද / Game Kopi Kade Denna Depaththe Lyrics

    ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
    දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එළිපත්තේ
    රංචු ගැහෙන්නේ...
    ගමේ රටේ අහේනියයි ළමයිනේ
    ඕය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ
     
    ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
    දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එළිපත්තේ
    රංචු ගැහෙන්නේ...
     
    අපේ කාලේ අස් වැද්දූ
    කුඹුරු ලියදි පාළු වෙලා
    තල කුරහං අල දෙල් කොස්
    හේන් පිටින් පාළු වෙලා
    අම්මා අප්පා මොක මොකවත්
    කන්න බොන්න දුන් පලියට
    ලැජ්ජ නැද්ද කාලෙ කන්න
    ගැටවරයනි කඩ පිල් යට...
     
    ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
    දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එළිපත්තේ
    රංචු ගැහෙන්නේ...
     
    අත පය හත්තිය තියෙද්දි
    කම්මැලි කම් මොකද බොලව්
    මගෙ පපුවත් පත්තු වෙනවා
    අර ඉපනැලි යාය බලා
    වයස ගියත් මගෙ අත පය
    බලාපල්ලා යකඩ වගේ
    අපි වවලයි අපි කෑවේ
    උත්තම රජ ගොල්ලො වගේ...
     
    ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
    දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එළිපත්තේ
    රංචු ගැහෙන්නේ...
     
    අපේ කාලේ අස් වැද්දූ
    කුඹුරු ලියදි පාළු වෙලා
    තල කුරහං අල දෙල් කොස්
    හේන් පිටින් පාළු වෙලා
    අම්මා අප්පා මොක මොකවත්
    කන්න බොන්න දුන් පලියට
    ලැජ්ජ නැද්ද කාලෙ කන්න
    ගැටවරයනි කඩ පිල් යට...
     
    ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
    දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එළිපත්තේ
    රංචු ගැහෙන්නේ...
     
    අත පය හත්තිය තියෙද්දි
    කම්මැලි කම් මොකද බොලව්
    මගෙ පපුවත් පත්තු වෙනවා
    අර ඉපනැලි යාය බලා
    වයස ගියත් මගෙ අත පය
    බලාපල්ලා යකඩ වගේ
    අපි වවලයි අපි කෑවේ
    උත්තම රජ ගොල්ලො වගේ...
     
    ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
    දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එළිපත්තේ
    රංචු ගැහෙන්නේ...
    ගමේ රටේ අහේනියයි ළමයිනේ
    ඕය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ
     
    ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
    දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එළිපත්තේ
    රංචු ගැහෙන්නේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS