ඈත භවයේ
Eetha Bhawayee
  • Category : Film Song
  • Year : 1976

  • Song

    ඈත භවයේ ගී පද / Eetha Bhawayee Lyrics

     

    ඈත භවයේ රාම සීතා
    සේ බැඳී උන්නෙ
    අපි දෙන්න නේදෝ
    ඈත භවයේ රාධා ක්‍රිෂ්ණා
    සේ බැඳී උන්නෙ
    අපි දෙන්න නේදෝ
    රාධ ක්‍රිෂ්ණා...
    රාම සීතා...
     
    සාගරේ රැලි පා සෙනේ
    වෙරළේ වැදී සිනාසේ
    ආදරේ රැලි ජීවිතේ
    වෙරළේ වැදී සිනාසේ
    මුමුණා අමා සුර ගීතිකා
    ඔබ මා ළයේ රැඳේවා
    ඔබ මා ළයේ රැඳේවා...
     
    රෑ දිවා සුව දී නෙතේ
    ඔබ මා හදේ රැඳේවා
    රෑ දිවා සුව දී හදේ
    ඔබ මා නෙතේ රැඳේවා
    මුමුණා අමා සුර ගීතිකා
    ඔබ මා ළයේ වෙසේවා
    ඔබ මා ළයේ වෙසේවා...
     

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS