දුම්බර මැණිකා
Dumbara Manika
  • Year : 2023

  • SongCopy

    දුම්බර මැණිකා ගී පද / Dumbara Manika Lyrics

    රුව කලාවකී බැලු ඇස් වශීයකී
    මල් හිනාවකී හඬ වස් රාවයකී
    පය තබා සකී යන විට ලතාවකී
    සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී
     
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
     
    සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා
    අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා
    බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා
    මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි
     
    අංඟර ඉංඟර දාපන්කෝ නිතර
    සංකර හිත මගෙ මිරිකා
    පෙම්බර මන්තර කියපන් මෙ හිතට
    සුන්දර දුම්බර මයෙ මැණිකා
     
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS