දිවියම වාගේ.. දියකර ප්‍රාණේ
Diviyama Wage Diyakara Prane (Thaththa)
  • Lenght : 04:30

  • Song

    දිවියම වාගේ.. දියකර ප්‍රාණේ ගී පද / Diviyama Wage Diyakara Prane (Thaththa) Lyrics

    දිවියම වාගේ දියකර ප්‍රාණේ
    දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි
    මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
    දෙවියොත් මගෙ ආදර තාත්තයි...
     
    පපු ගැබිනා දරු පෙමිනා උතුරණ තාත්තා
    බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා...
     
    දිව රෑ දෙකේ වෙලිලා දුකේ
    සැනසීම දන් දී ඔබේ
    දරුවන් නිසා විඳිනා සොවේ
    දෙවියන් ද පුදුමෙන් සැලේ
    මේ සංසාරේ පිං වැස්සාවේ
    වඳිමී සැමදා රජුනේ...
     
    පපු ගැබිනා දරු පෙමිනා උතුරණ තාත්තා
    බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා...
     
    සිතුසේ නොබී සිතුසේ නොකා
    දරුවන්ට දුන්නා සුවේ
    බෝසත් ගුණේ පුරනා නිසා
    නිවනින්ම සැනසුම් ලැබේ
    මේ සංසාරේ පිං වැස්සාවේ
    වඳිමී සැමදා රජුනේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS