බොහෝ කලක් ඔයා ඉන්නකෝ
Boho Kalak Oya Innako
  • Category : Music Video
  • Lenght : 04:18

  • Song

    බොහෝ කලක් ඔයා ඉන්නකෝ ගී පද / Boho Kalak Oya Innako Lyrics

    බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්
    නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්
    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
    මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා
     
    දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලං වෙලා
    ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා
    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
    මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා
     
    මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා
    ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජීවිතේ ගෙවනවා
    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
    මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා
     
    බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්
    නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්
    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
    මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS