අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
Ara Sanda Paluwen
  • Lenght : 04:41

  • Song

    අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි ගී පද / Ara Sanda Paluwen Lyrics

    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
    පාළු සිතේ විඩා නිවෙයි
    මේ සුවිසල් පුර තනිව ඉන්නට
    මට ඔය සිත සවිය ගෙනෙයි //
     
    තුරු හිස සිඹ සිඹ වැද මද නළ
    මුමුණන විට ගී සවනට //
    අපි ඇල් හේනේ පැල් මැස්සේ
    ගැයූ ගීත එයි සිහියට
    හිත වාවනු බැරි වී එන්නට
    හිතුනත් ආපසු ගම රට
    හෙට අදට වඩා හොඳ වේ යැයි
    කොඳුරයි රහසින් යටි හිත
     
    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි...
     
    අග හිඟ මාලය ගෙල ළාගෙන
    දුක විඳින්න බැරි හින්දම //
    මට වෙස්සන්තර රජු වාගේ
    දරු දන්දෙනු බැරි හින්දම
    පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
    උන් හැටි සිහියට අරගෙන
    හොඳ පරිස්සමින් මං එනතුරු
    ඉන්නවා නේද මගෙ රන් කඳ
     
    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS