අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
Amma Sandaki Mama E Lowa Hiruya Ridi
  • Lenght : 03:21

  • Song

    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ගී පද / Amma Sandaki Mama E Lowa Hiruya Ridi Lyrics

    අම්මා සඳකි මම ඒ ලොව හිරු ය රිදී
    ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී
     
    සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුව ත් දිවි බර මට දැනුණේ
    මහමෙරකට උස යි දරු පෙම හද පතුලේ
    පුදුම යි පුතුනි කිම මගේ ලේ කිරි නොවුණේ
     
    මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණ යි දන්නේ
    පිය සෙනෙහස නැති ද දරුවනි හඳුනන්නේ
    අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ
     
    අම්මා සඳකි....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS