අක්කට දැන් 39
Akkata Dan 39
  • Category : Music Video
  • Year : 2022

  • Song

    අක්කට දැන් 39 ගී පද / Akkata Dan 39 Lyrics

    අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි
    රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි 
    වංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයි
    කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි 
     
    වහින දාට සිදුරු ඇරුණා 
    වළං තැන තැන ඉද ඇඩුවා
    අක්කා ධර්මෙට ලැදි වූවා 
    හිතේ දුකට බණත් ඇහුවා
    අම්මා බත් ටික වේලනවා
    හෙටත් පිරිමහන්න වෙනවා
    ගමන් පෙරලෙන හැටි පෙනුනා 
    වලව් ගෙදර පවා දෙදරා
     
    අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි තිස් නවයයි
    රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි 
    වංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයි
    කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි 
     
    පරණ තිරික්කලේ දිරුවා
    වයිරා හොරු අරගෙන පැන්නා
    නින්ද ඉඩම් පුරන් වෙනවා
    උකස් ලෙහා ගන්න බැරුවා
    මගේ කෙල්ල මේරි හිල්ඩා
    මමත් කොලඹ පල්ලි යනවා
    මටත් යන්න සිද්ද වෙනවා
    ගෙදර නීති කඩලු පැනලා
     
    අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි
    රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි 
    වංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයි
    කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS