ඇගේ දෙනෙත් පිය උනා
Aege deneth piya una

Song

ඇගේ දෙනෙත් පිය උනා ගී පද / Aege deneth piya una Lyrics

ඇගේ දෙනෙත් පිය උනා 
පාළුව එහි රජ උනා 
 
අතු අග පිපි මල් වල පැණි මී මැස්සන් හැර ගියා 
පරවී ගිය මල් පෙති සැම නටුවෙන් ගිලිහී ගියා 
කුරුළු රෑන් නිහැඩියාව හිස් අහසට ඉගිලුනා 
අදුර ගලා එන්නට පෙර පාළුව එහි දැවටුනා 
ඇගේ දෙනෙත් පිය උනා 
පාළුව එහි රජ උනා 
ඇගේ දෙනෙත් පිය උනා 
පාළුව එහි රජ උනා 
 
ගිනි ඇවිලුන හේන උඩින් 
කණ කොක් හඬ දී ගියා 
සෙමින් සෙමින් එලිය නිවා 
මල ඉරු අවරට ගියා 
ආලෝකය යට කරගෙන 
ගනදුර එහි මතු උනා 
ජිවිතයේ උපත ලබා මරණය යට සැඟවුනා 
මරණය යට සැඟවුනා
මරණය යට සැඟවුනා
 
මෙම ගීතයට සවන් දීමට පහත සබැදියට පිවිසෙන්න 
Visit the followng link to listen to this song 
 
https://bit.ly/3mWXbAD

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS