ආදර වසන්තයට
Adara Wasanthayata
  • Year : 2023

  • Song

    ආදර වසන්තයට ගී පද / Adara Wasanthayata Lyrics

    රංඩු වෙවී ආවා
     
    බද නලවාලා   නාලා සිනා දියේ
    කලබල වීලා    හැරිලා ඇගේ හැපේ//
    ඇස කරකෝලා
    මල් දම්  දාලා
    තොල් පෙති ගාලා
    පාට නානවානේ..
    ඇස කරකෝලා
    මල් දම්  දාලා
    තොල් පෙති ගාලා
    පාට නානවානෙ දේවී
     
    රංඩු වෙවී ආවා
    ආදර වසන්තයට
    හරිම ගනන් පානා
    අද හොද නැකැත් දවස 
     
    ආ තේරුනා
    පුංචි නැහැනෙ මිරිස් කරල
    දුම් දමනවා
    ඈත පෙනෙනවා... 
     
    හා   බේරුනා
    හිතා ඉන්නෙ එහෙම නේද
    බස් දුවනවා
    ඈත පෙනෙනවා
     
    හිත පටලෝලා
    ගත වෙව්ලාලා
    මුර පද දාලා
    භාර කරනවා...නේ
    හිත පටලෝලා
    ගත වෙව්ලාලා
    මුර පද දාලා
    භාර කරනවානෙ ආයෙ
     
    රංඩු වෙවී ආවා
    ආදර වසන්තයට
    හරිම ගනන් පානා
    අද හොද නැකැත් දවස

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS