විසිතුරු මල්
Wisithuru Mal
  • Category : Music Video
  • Year : 2023

  • Song

    විසිතුරු මල් ගී පද / Wisithuru Mal Lyrics

    විසිතුරු මල් ගොමුවක පා තියලා
    හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
    සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
    කවුරුද කවුරුද පොඩි අඩි තියලා
     
    නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ 
    අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ 
    මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ
    ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි
     
    ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ
    දියවෙන තරමට හාද උනේ
    මගෙ හිත මගෙ හිත ආදරයෙන් ...
     
    මන්දාරම් විලේ 
    මන්දාරම් විලේ 
    මන්දාරම් විලේ....
     
    අපි යමු නොරැඳී - කෙම් බිම ලඟැතී
    මං නුඹ ගාවදී - බියවෙන්නෑ සැනෙකින්
    අර පේන නදියෙන් - එගොඩ උනොතින්
    මං ආව ගමනේ - අවසානය ඉතින්
     
    මේ හැන්දෑවේ .. අවසානයද මේ..
    හැමදාමත් මේහේ නවතින්නයි හිතේ ..
     
    විසිතුරු මල් ගොමුවක පා තියලා
    හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
    සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
    කවුරුද කවුරුද පොඩි අඩි තියලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS