සනුහරේට පුතු පැටියෙක්
𝐒𝐚𝐧𝐮𝐡𝐚𝐫𝐞𝐭𝐚 𝐏𝐮𝐭𝐡𝐮 𝐏𝐞𝐭𝐢𝐲𝐞𝐤
  • Category : Music Video
  • Year : 2022

  • Song

    සනුහරේට පුතු පැටියෙක් ගී පද / 𝐒𝐚𝐧𝐮𝐡𝐚𝐫𝐞𝐭𝐚 𝐏𝐮𝐭𝐡𝐮 𝐏𝐞𝐭𝐢𝐲𝐞𝐤 Lyrics

    කුකුළාපො ළ කිරි අම්මේ නුඹ කොයි අහ දෝ
    තිඹිරිගෙදර බිතක්කනේ අඬමුර නෑසේ දෝ
    මයෙ කෙලී ගේ බාර හාර යාදිනි මදි දෝ 
     
    හත් අවුරුදු නැදිවග පල 
    පූදින කල මැකුණේ
    සනුහරේට පුතු පැටියෙක්
    දෙන්නයි දූ යැද්දේ
    වනේ කොටා විළි රෑණට 
    දුක හිර කර තිව්වේ 
    උලලේනිය තල මල දැක
    ඇයි ගංකරෙ හැඬුවේ 
     
    හත් දවසක් සංහිඳ ළඟ
    පිදූ පිදුම් බාර ගන්ට
    ඇවිලෙන ළැම දුක් ගින්දර
    පවු අරවා නිවා ලන්ට
     
    බාල බිළිඳු හඬනා හඬ
    බර හෑල්ලුව පතුරුවන්ට
    කුකුළාපොළ කිරි අම්මේ
    සාප අතැර දූ රකින්නේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS