Sudu sina Kusum ගී පද / සුදු සිනා කුසුම් Lyrics
සුදු සිනා කුසුම් නොපිපෙයි මනරම්
මේ උයන් බිමේ කිසිදාක ඉතින්
ඔබ යනවානම් යලි නොඑන ලෙසින්
මල් නගන වසන්‍තයෙ යතුර අරන්
ඔබ දනන්වනම් එක නෙලුම් මලක්
දිය යටට වෙලා දුක් විදින තරම්
උනු කදුලු වලින් රොන් සුනු තනමින්
ලය මඩලෙ තබා උනුස්ම් කරමින්
ඒ නෙලුම වුනත් සැගවේවි ඉතින්
කිසිදාක දියෙන් නොමැකෙයි රහසින්
මුතු හැදෙන තුරා මුතු බෙල්ලෙකු මෙන්
දුක ළයේ තබාගෙන හිටියා මං
මං නැතිව ගියත් යම් දිනක ඉතින්
ඒ මුතු ඇට දිය යට නිදන බැවින්
ගෙනියන්න ඇවිත් ඔබ එනවානම්
මට අයිති නොවෙයි ඒ ඔබට තරම්